අධි විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවැත්වූ සාදයක් අත්අඩංගුවඅධි විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවැත්වූ සාදයේ සැක්කරුවන් අත්අඩංගුවට

කුෂ් හා අයිස් උග්‍ර විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් බොරලැස්ගමුවේ පැවැත්වූ සාදයක් වටලා සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
ඊයේ අලුයම 5.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් අතර තරුණියන් තිදෙනෙකු වෙයි.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 22- 27 හා වයස්හි පසුවන්නෝ වෙති.
කුෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 45ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 05ක්, විදේශීය සිගරට් 63ක්, මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා යොදා ගන්නා නවීන උපකරණ 4ක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් නිට්ටඹුව, කඳාන, මීගමුව, මිනුවන්ගොඩ, තලංගම, දෙහිවල, මොරටුව, පේරාදෙණිය හා අනුරාධපුර යන ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි