14 වන වරටත් පවත් වන අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහැර 16 දා

සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස 14 වන වරටත් සිදුකරනු ලබන ශ්‍රී දකුණු දළදා පෙරහැර මෙම 2019 ජූලි මස 16 වන ඇසළ පුරපසළොස්වක පොහෝ දින පවැත් වීමට කටයුතු සූදානම් කර ඇත.
ක්‍රි.පූර්ව දෙවන සියවසේදී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරණ ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත් පාත්‍රධාතූන් වහන්සේත්, දේවාභරණත් සමග සොලීන් 12000 ක් ද මහා විජයග්‍රහණයකින් ලබාගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණ සෝමවතී චෛත්‍ය රාජයා අභියස දළදා පූජා හා පෙරහැර පවත්වමින්, දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට —යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය˜ යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ —ගාමිණී අභය යුදජී රජඅඩියගම මණි අගිය විහරට දිනි˜ (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලූ පර්වත ලිපියෙහි රජතුමාට —ගාමිණී අභය යුදජී˜ (යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇලක් සාදවා එම ඇලෙන් වැඩ කරණ කුඹුරු සියල්ලම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.
මේ අයුරින් ගජබා රජතුමා විසින් විජයග්‍රහණය සිහිපත් කරමින් ආරම්භ කළ පෙරහැර, පොළොන්නරු යුගයේ අවසානය දක්වාම පවත්වාගෙන අවුත්, පොළොන්නරු යුගය අවසන්වීමත් සමගම අභාවයට පත් විය. නැවත 1947 දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී ගුණානන‍ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමග පැමිණ බුද්ධ රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා සිය කණින් අසමින් සොයා ගැනීමෙන් පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගති. 1966 දී චෛත්‍ය රාජයාට මුල්ගල් තබා, 1981 දී බුද්ධරශ්මි මාලා මධ්‍යයේ කොත් පැළඳ වීමෙන් පසු නැවතත් ඇති වූ ත්‍රස්තවාදය නිසා මෙම ස්ථානයට සම්බන්ධ සිය`ඵ දෙනාම 1986 දී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමග චූඩා මාණික්‍යය ගැලවූ ත්‍රස්තයාද සිය ගිණි අවිය පත්තු වීමෙන් මරණයට පත්විය. චෛත්‍යරාජයා සමීපයෙහි බිමදමා තිබී හමුදා නිලධාරීන්ට හමුවූ මෙම චූඩා මාණික්කය නැවත අප වෙත ලැබී පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව භාරයේ සුරක‍ෂිතව තැබිණි.
වසර 17 කින් පසු නැවතත් 2002 පෙබරවාරි 27 දින එවක එක්සත් ජාතික පක‍ෂ රජයේ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධතාවය ඇතිව, ඝණකැලයෙන් වැසී තිබූ මෙම ස්ථානය, මහවැලිය, පොලිසිය, යුධ හමුදාව සම්බන්ධ කරගෙන එවකට රජයේ හා සැදැහැවතුන්ගේ අධාරයෙන් ජල පහසුකම් හා ජෙනරේටරයකින් විදුලිය ද තාවකාලික ගොඩනැගිලි පහසුකම් සලසාගෙන දින 112ක් ඇතුළත, 2002 ජුනි 19 වන දින බුද්ධරශ්මි මාලා මධ්‍යයේ චූඩාමාණික්ක්‍යයය පැළඳවීමෙන් අනතුරුව, එවක රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතිය ලබා දෙමින්, මාර්ග පහසුකම් සලස්වන මොහොතේ, සැදැහැවතුන්ගේ ආධාර ඇතිව අදාළ ස්ථීර ගොඩනැගිලි ආදිය ඉදිකරවමින් සංවර්ධන කටයුතු සිදු කරන කාලයේ දී ගල් ගැලවී විනාශයට පත්වෙමින් පැවති ඇතුල් ම`ඵව සෑදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්, කොළඹ ජිනසේන සමාගමේ කළමනාකාර අධ්‍යක‍ෂ තිස්ස ජිනසේන මහතා අතින් මුල්ගල් තබනවාත් සමගම චෛත්‍ය රාජයාගේ විහිදුනු බුද්ධරශAමි මාලාවන් දැක වර්තමාන බුද්ධ ශාසන අමාත්‍යවර ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතු`ඵ දැසැහැවත් පිරිස අපමණ සතුටට පත්වූයේ කුරුණෑගල කුලියාපිටිය නැදලගමුව ප්‍රදේශයේ දීගල්ල ධම_දාන පදනම ඇතු`ඵ එම පිරිස සම්බන්ධ කරගෙන දකුණු දළදා පෙරහැර පැවැත්වීමට තීරණය කොට කිසිවෙකුගෙන් අලියෙකු ලබා ගැනීමට නොහැකි වූයේ වනයේ සිටින අලි ඇතුන් කෙරෙහි ඇති බිය නිසා අලි ඇතුන් රහිතව, සධාතුක කර`ඩුව හිසමත හා ඉන්පසුව වාහනයක තබාගෙන වර්ෂ තුනක් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව බෝධීන් වහන්සේගේ රන්මල් හා රන්ද`ඵ හටගත් අතරම, ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවාගත් මොහොතේ 04 වන දළදා පෙරහැර පැවැත් වීමට 2009 ජුනි 07 වැනි පොසොන් පොහෝ දින සාකච්ඡා කරමින් වනයේ සිටින අලි ඇතුන් නිසා පෙරහැර අලි රහිතව පැවැත් විමටත් රන්සිවිගේ සහිත කර`ඩුව වාහනයක තබා වැඩම කිරීමටත් තීරණය කරණ ලදි.
එනමුත් පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන යන මොහොතේදී චෛත්‍ය රාජයා දෙසින් ඛෙරහඩක් ඇසී බලන විට චෛත්‍ය රාජයා තුළින් කර`ඩුවක් තබා ගත් අලි ඇතුන් සහිත පෙරහැරක් එන බව පෙණින. අමත්‍යවර ගාමිණී ජයවික්‍රම පෙරේරා මැති තුමාට ඡායා රූප ගතකිරීමට ද හැකි විය. නැවත එම ජූනි මස 28 දින රත්‍රී 7.45 ට පමණ ගිලන් පස පූජාව තබන මොහොතේ පූජාවට සහභාගි වූ පිරිස අතර, අවුරුදු 03 මාස 06 වයසැති මිරිහානේ සිට පැමිණි මේනක තසිඳු නම් කුඩා දරුවෙක් බියට පත්වනු දැක, අතේ තිබූ දුරකථන කැමරාවෙන් ඡායා රූපයක් අහඹුලෙස ගන්නා ලදි. —තාත්තේ මගේ ඇගේ රත්තරන් මාල වලලූ දැමූ ලස්සන ඇදුමක් ඇන්ද වූ සුදු ඇත් පැටියෙක් හැපීම නිසා මා බියට පත්වූයේ යැයි.˜ කුඩා දරුවා ප්‍රකාශ කළ ද අසාසිටි පිරිස එය පිළිගත්තේ නැත. එනමුත් සිදු වූයේ අනිකකි. ගත් ඡායාරූපය දෙස බලන විට ඒ සියල්ලම සැබෑ විය.
මේ අවස්ථා දෙකම සිදුවීම නිසා පෙරහැර සඳහා ඇතෙක්ම යොදා ගතයුතුයැයි තීරණය කොට වර්තමාන බුද්ධ ශාසන අමාත්‍යවර ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා හා හිටපු කෘෂිකම_ නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාගේ ද සම්බන්ධතාවය ඇතිව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තුමා මගින්, මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ කර`ඩුව වැඩම වන ඉන්දිරාජා හස්තිරාජයා රැගෙන ගොස් 2009 ජූලි 06 වන දින දළදා පෙරහැර චෛත්‍ය රාජයා වටා ප්‍රදක‍ෂිණා කොට ගෙවදීමත් සමගම රාත්‍රී 01.00 ට පමණ එක් දළක් ඇති ඇත්පැටියෙක් චෛත්‍ය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැලයට ගියේ ය.
පසුදින 07 වැනිදා ප.ව. 05.00 ට පමණ එක් දළක් සහිත අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවෙක් චෛත්‍ය රාජයා දෙසට පැමිණෙනු දැක මා ඉදිරියට යන විට මා සමීපයට පැමිණ හොඩවැල ඔසවා මා දෙස බලා සිටියේ ය. මවිතයට පත් මා කැමරාව ගෙන ඡායා රූප ගත් අතරම, පලතුරු දෙනවාත් සමගම හුරු පුරුදු ඇත් පැටියෙක් මෙන් මා ඉදිරියට පැමිණ පලතුරු සියල්ලම අනුභව කොට පැය කීපයක් ම චෛත්‍යරාජයාවටා ඇවිදමින් සිට කැලයට ගිය නමුත් එදා සිට මේ දක්වාම චෛත්‍ය රාජයා පෙනෙන දුරින් හැසිරෙමින් දකින කාටත් විනෝදයක් දනවන අයුරින් චෛත්‍ය රාජය අවට හැසිරෙමින් අද දක්වාම සිටී. ඉන් අනතුරුව චෛත්‍ය රාජයාගෙන් එළියට පැමිණි සුදු ඇත් පැටියාට සමාන ඇති ඇත් පැටියෙක් මෙම ඒක දන්තනම් ඇත්පැටවා සමග සිටින අයුරු කැමරාවට හසු විය. මේ අතර 2012 නොවැම්බර් 04 දින සීමාමාලකය සම්මතර කර කඨින පිංකම අවසන් වනවාත් සමගම සුදු ඇත්පැටවෙක් චෛත්‍යරාජයාට ඉහළින් අහසේ දිස්වනු ජායාරූපයට ගැනීමට හැකි වූ අතර, පසුගිය වසරේ මහනුවර දිසා විනිසුරුතුමා විසින් ද සුදු ඇත්පැටවෙකු සියැසින් දැකීමෙන් පෙරහැරකට හස්ථීරාජයන්ගේ සම්බන්ධතාවය මැනවින් පැහැදිලි විය.
එසේම 2013 වසරේ දළදා මාළිගාවේ ඉන‍දිරාජා හස්ථීයා සහිතව පෙරහැරේ කර`ඩුව රන්සිවි ගෙහි තැන්පත් කරන මොහොතේ කිහිපවතාවක් ම දළදා වහන්සේ සහිත කර`ඩුව චෛත්‍යරාජයාණන් වහන්සේට ඉහළ අහසේ දිස්වනු දැකීම වැනි ආශ්චර්යයමත් සිද්ධීන්ගෙන් ගහණ බුදුරාජණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති මෙම සෝමවතී චෛත්‍යරාජයා අභියස මේ අයුරින් විශAමයජනක සිද්ධීන් ඇතිවීමෙන් ඉතිහාසයේ ද මීටපෙර සඳහන් වු අයුරින් අදෘශ්‍යමාන බලවේග තුළින් පෙරහැරක් පැවැත් විය යුතු ආකාරය පෙන් වූයේ මෙම සෝමවතී චෛත්‍ය රාජයා සමීපයෙහි ශ්‍රී දළදා පෙරහැර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයැයි යන පණිවුඩය ලෝකයාට පෙන්නුම් කිරීම බව ඔබ අප හැම දෙනාටම වැටහී යන කාරණයක් හෙයින්, සකල ජනතාවටම ඉමහත් ශාන්තියක් සැලසෙන මෙම දළදා පෙරහැර පැවැත් වීමේ අත්‍යවශ්‍යතාවය මැනවින් හැගීගිය නිසාම අපමණ සතුටට පත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, බුද්ධ ශාසන අමාත්‍යවර ජයවික්‍රම පෙරේරා මැතිතුමා, හිටපු කෘෂිකම_ අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා ඇතු`ඵ සැදැහැවත් පිරිසද නන් අයුරින් පෙරහැට සම්බන්ධ වෙමින් පෙරහැර දර්ශනීය අන්දමින් වාර්ෂිකව සිදු කිරීමටත් පටන් ගන්නා ලදි.
12 වන වරටත් පෙරහැර පවත් වන මොහෙතේදී පෙරහැර ගමන්කරන අවස්ථාවේදීත් රාත්‍රී 09.00 ට පමණ රශ්මි ධහරාවකින් බබලන දළදා වහන්සේ සහිත කර`ඩුවක් ඉහළ අහසේ ද චෛත්‍ය රාජ්‍යාගේ චූඩාමාණික්‍යද සමීපයෙහි අංග සම්පූර්ණ විෂ්ණු දෙවියන්ගේ රූපයද, චෛත්‍යාරාජයා වටා අහසේ විවිධ හැඩයන්ගෙන් යුක්ත දේව රූපයන් ද, අපවත් වී වදාළ සෝමවතියේ නාහිමි දෙනම චෛත්‍ය රාජයාට ඉහළින් වැඳගෙන සිටින ආකාරය ද, බෝධීන් වහන්සේගේ අතුපතරින් දේවරූප 03 ක් දිස්වෙන ආකාරයේ ඡායා රූප ගැනීමට ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමාට හැකි වු අතර, ඊට පෙරද බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර දෙවිවරු තිදෙනා හා වර්ණවත් අශ්වයන් සහිත බුද්ධ රශ්මි මාලාවන් චෛත්‍යරාජයාණන් වහන්සේගෙන් දිස්වෙන ආකාරය ඡායරූප මගින් ලෝකයාට පෙන්වීමට ලැබීම මෙහිදී ඉමහත් සතුටට හේතුවකි.
වරකට බුද්ධරශ්මි මාලාවන් ද තවත් විටෙක හේවිසි ශබ්ද පූජාව, මිණිගෙඩි හා ගණ්ටාර ශබ්ද හා පිරිත් දේශනා ශබ්දත් හා සාධුකාර ශබ්ද ද ඇසීමට හා දැකීමටත්, සුදු හංසයෙක් මත දිස්වන රූප ද වැනි ආශ්චර්යයමත් සිද්ධීන් සිදුවිමත්, අලි ඇතුන්ගේ ද වන්දනා පවා දකින මෙවන් ආශ්චර්යයමත් සිද්ධීන් ද විටින් විට සිදු වන අතර, ඉහත සඳහන් පෙරහැර අවස්ථාවේදී සිදුවීම් තුළින් පෙන්නුම් කරන්නේ දළදා වහන්සේ උදෙසා අනිවාර්යයෙන් අඛණ්ඩවම මෙවන් පෙරහැර පවත්වා සකල ලාංකික ජනතාවට ඉමහත් ශාන්තියක් සලසා දියයුතු බවය.
මෙනිසාම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, බුද්ධ ශාසන අමාත්‍යවර ජයවික්‍රම පෙරේරා මැතිතුමාත්, හිටපු කෘෂිකම_ අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාත්, පොළොන්නරු මහදිසාපති තුමා, අතිරේක දිසාපතිතුමා, ලංකාපුර ප්‍රාදේශීය මහලේකම් තුමා හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා ඇතු`ඵ එම ආයතනයන් හි නිලධාරී පිරිසත්, ලංකාපුර, පොළොන්නරුව, හි`ගුරක්ගොඩ ආදි ප්‍රදේශවල සැදැහැවත් පිරිසත්, කුරුණෑගල, කුලියාපිටිය නැදලගමුව සැදැහැවත් පිරිසත් එකතුව ඉමහත් සහසම්බන්ධතාවයකින් මෙම ජූලි 16 වන ඇසළ පුර පසළොස්වක් පොහො දින රාත්‍රී 08.00ට චෛත්‍යාරජයා සහිත මහම`ඵව වටා පෙරහැර මාර්ගයෙහි ශ්‍රී දකුණු දළදා පෙරහැරත්, මහා මු`ඵතැන් දළදා පූජාව ආදී ඇසළ පොහෝ දින සිදු කෙරෙණ මෙම පිංකම් මාලාවට සහසම්බන්ධ වන උක්ත ජනාධිපති තුමන් ප්‍රධාන මැති ඇමතිවරුන් ඇතු`ඵ සකල ලාංකික ජනතාවට ශ්‍රී දකුණු දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබීමෙන් නිසිකලට වැසි ලැබී සකල ප්‍රාර්ථනා සමෘද්ධිමත් වී ඉමහත් යහපතක්ම සැලසේවායි ප්‍රාර්ථනය කරමි.
සෝමවතී රජමහ විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික කථීකාචාය්‍ය_ හා වැඩබැලු අංශාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් විසින්