ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ට්‍රම්ප්ට අක්ත පත්‍ර භාරදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඉකුත් දා (8) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා වෙත සිය අක්ත පත්‍ර ප්‍රදානය කළේය.
මෙහිදි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ නව තානාපති රොඞ්නි පෙරේරා මහතා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා රොඞ්නි පෙරේරා මහතා මෙම අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට ලෝවාමහාපය සහ ජේතවනාරාමයේ ඡායාරූප දෙකක් ද තිළිණ කළේය.