වෙඩි හඬ මැද ගී ගයන කිරිල්ලියෝ

වෙඩි හඬ මැද්දේ වුවද ,බෝම්බ සද්ද මැද්දේ වුවද  ඔවුන්ගේ සුසිනිදු දෑත් වලින් තත් වැයීම අවසන් කළ නොහැකිය.ඒ තරමට දැන් ඔවුන් ඒ සියල්ල ගෙන්ම පදම් වී ඇති බැවිනි.

දශකයකට වඩා වැඩි කාලයක් යුද ගිනි දැල් මැද , සාම්ප්‍රදායික තලෙයිබාන් ත්‍රස්තයින් දැඩි නීති රීති හමුවේ වුවද ඔවුන්ගේ තත්සර වැයීමට  නම් විරාමයක් තිබ්බේ නැත.

මේ කියන්නට යන්නේ ඇෆ්ගනිස්ථානයේ සින්දු කියනා ගී කිරිල්ලියන් පිරිසක් ගැනය.දැඩි ෂාරියා නීතිය මැද්දේ මීට වසර දෙකකට පෙර සෑදුනු මේ අපූරු කිරිල්ලියන් ගෙන් සුසැදි සංගීත කණ්ඩායම වන්නේ "සොහ්රා" ය.

එදා පස් දෙනෙකුගෙන් සුසැදිව ගොඩනැගිණු  මේ ගී කිරිල්ලියන්ගේ කණඩායම වර්තමානයේ වසය අවුරැදු 14 ත් - 20 ත් අතර වයසැති තරුණියන් 30 දෙනෙකුගෙන් සමන්විතවේ.මෙම සංගීත කණ්ඩායම ගැන ලෝකයා දැන ගන්නට වූයේ ඉකුත් වසරේදී පැවති ලෝක ආර්ථික සංසදයේ වැඩ සටහනකට අනුවය.මෙහි ප්‍රධාන සංගීතඥවරියන් දෙදෙනෙකි.ඒ නෙගීනා ක්පල්වැක් සහ සරීෆා අඩීබාය. මොවුන් දෙදෙනාම වයන්නේ ඇෆ්ගනිස්ථානයට ආවේනික සංගීත භාණ්ඩ වන රබාබ් ( ඉන්දීය සිතාරයට සමාන වාද්‍ය භාණ්ඩයක් ) ය.

සොහ්රා වාද්‍ය වෘන්දයේ නියමුවරියක වන සරීෆා අඩීබාය  කියා සිටන්නේ මෙවැනි දෙයකි. "තලෙයිබාන් දැඩි පාලනයක් පැවති 1996 සහ 2001 දක්වා කාලය තුලදී සංගීතය ඉගෙනුම් ලබන ශිෂ්‍යාවන් ලෙස අපි ගොඩ නැගුනේ දැඩි පීඩනයක් මධ්‍යෙයයි.දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.තලෙයිබාන් පාලන සමයේ සංගීත අපට අකැප දෙයක්.අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදයේ  අපේ රටේ කාන්තාවන්ට වෙනසක් උදාවෙලා."