'දෙවියන්ගේ දියණිය" ඇරඹෙයි.

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වින්දනීය ප්‍රමිතිගත සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ දායාද කළ චරිත් අබේසිංහ ගේ නවතම සිනමා නිර්මාණය රිසානා නම් වෙයි.රිසානා වැඩකටයුතු පසුගියදා තලවතුගොඩ ගෑන්ඩ් මොනාච් හෝටලේදී සුබ මොහොතින් ආරම්භ කරන ලදී.
සම්මානනීය රචක නාමල් ජයසිංහගේ තිර රචනයක් වන රිසානා CW Image Factory වෙනුවෙන් වසන්ත විජේන්ද්‍ර ගේ නිශ්පාදනයකි.
මෙම චිත්‍රපටය සඳහා තවමත් නළු නිළියන් නිශ්චිත ලෙස තෝරාගෙන නොමැති අතර ඒ සඳහා තිර පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
රිසානා හි කැමරා අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය කටයුතු කරන අතර වේශ අංගරචනය නලින් ප්‍රේමතිලක විසිනි.මාධ්‍ය ප්‍රවර්ධන සැලසුම් චතුර ගීතනාත් බණ්ඩාර විසිනි.
'දෙවියන්ගේ දියණිය" ලෙස නම් කළ මෙම සිනමා පටයෙන් කතාකරනුයේ මෙයට කලකට පෙර අරාබි රටකදී මරණයට පත් කළ රිසානා  නම් මුස්ලිම් දැරියගේ කතාවයි. එහිදී ඇයගේ ජීවිතය බේරා ගැනීමට ලෝකයේම කිසිම මුස්ලිම් රටකට බැරිවිය.
-උපාලි