ගෝරි ජුනි 06 සිට තිරගතවේ

එම්.පී.අයි. සිනමා මණ්ඩලය ප‍්‍රථම වරට ඉදිරිපත් කරන හර්ෂ උඩකන්දගේ ”ගෝරි” සිනමා පටය මෙම 06 වෙනි දින සිට දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතව ඇත. මෙය හර්ෂගේ තෙවන සිනමා දැක්මයි. සමාජය පුරා. දූෂණය, භීෂණය, අවනීතිය පතුරවමින් මැර දේශපාලනයෙන් නීතිය නවනා දුර්ජන ඇමතිවරයෙකු සහ ඔහුගේ පුතුන් දෙපොළත් , දේශපාලූවන්ගේ අණ නොතකා නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරනා පොලිස් නිලධාරියෙක් සහ මැරයින් නිසා අසරණවූ පුංචි සුරතල් දියණියක් වටා ගෝරි කතාපුවත පෙළගස්වා ඇත. මෙය ක‍්‍රියාදාම ගනයේ සිනමා සිත්තමකි. 
මෙහි රංගනයෙන් ශි‍්‍රයන්ත මෙන්ඩිස්, ආර්යන් කුලරත්න, පහන්දි නෙතාරා(ළමා* , රොෂාන් රණවන, පුබුදු චතුරංග, අනුජ් රණසිංහ, වීනු සිරිවර්ධන, ටීනා ෂනෙල්, රජිත හිරාන්, කුමාර රණපුර, සුගත් ජානක, චතුර පෙරේරා, සැනට් දික්කුඹුර ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් දායකවන අතර කැමරා කරණයෙන් මහේෂ් කරුණාරත්න, සංස්කරණයෙන් තිවංක අමරසිරි, අංග රචනයෙන් ධනුෂ්ක හුලංගමුව, කලා අධ්‍යක්ෂණයෙන් හිමල්ක මධුශාන්, සහය අධ්‍යක්ෂණයෙන් හසිත රාජපක්ෂ, පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් ඞී‍්‍රම්ස්, ගීත ගායනයෙන් අශාන් ප‍්‍රනාන්දු, පහන්දි නෙතාරා,අමිල මුතුගල හා රෙව්කා ද, විධායක නිෂ්පාදනයෙන් කැලූම් උයද කුමාර, නිෂ්පාදනයෙන් නිශාන්ත ජයවර්ධන ද එක්වන මෙම සිනමාපටයේ කාර්මික තිර රචනය, ගීත රචනය හා අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙනි.




-උපාලි බණ්ඩාර