'මානය' තිරයට


නවක සිනමාකරුවෙකු සිනමාවට හ`දුන්වා දෙමින් ”මානය” චිත‍්‍රපටය එළැඹෙන ජූලි මස සිට ප‍්‍රදර්ශණයට සූදානම්ව පවතී. සිනමාවට ආගන්තුකයෙකු නොවූ ඔහු අංජු ධනංජයයි. ධනපති පංතියේ වැජඹෙන තරුණියක් පැහැර ගැනීමට කුමන්ත‍්‍රණය කරන පිරිසක් ද , තරුණියගේ හැරවුම් ලක්ෂය වෙනස් කිරීමට සූදානම්වන සහෝදරත්වයට එහා ගිය තන්හාවෙන් පිරි සහෝදරයෙක් හා වීදිය ජීවිතයකර ගත් අසාධාරණයට එරෙහිවනැගී සිටි තරුණයෙකු වටා මෙම චිත‍්‍රපටය පෙලගස්වා ඇත.
උපේක්ෂා ස්වර්ණමාලි, වසන්ත කුමාරවිල,පවිත‍්‍ර වික‍්‍රමසිංහ, දිලිප්මනෝහර, හේමන්ත ඊරියගම, සුමුදු අමල්ක ඇතුළු පිරිසක් රංගනයෙන් දායකවන අතර කැමරාකරණයෙන් ප‍්‍රසාද් දේවින්ද ගුරුගේ, සංස්කරණයෙන් අනුරබණ්ඩාර,අංගරචනයෙන් කිරන්ජී.සොයිසා, කලා අධ්‍යක්ෂණයෙන් කසුන් මහාවඩුගේ, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල සමගින් සුමුදුඅමල්ක, සංගීත අධ්‍යක්ෂණයෙන් හා ගීත ගායනයෙන් නිලන්ත සිරිපතිරණ, වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාරද, එක්වන මෙම සිනමා පටය ඩයන් ෆිල්ම්ස් වෙනුවෙන් රොෂාන් ඉන්දික රළපනාවගේ නිෂ්පාදනයකි. අංජු ධනංජය විසින් තිරරචනය ලියමින් අධ්‍යක්ෂණයකර ඇත. 
-උපාලි බණ්ඩාර