සූර්යාගේ වායුගෝලයට ඇතුල් වීමට නාසා ආයතනයෙන් යානයක්

සූර්යයාට අයත් වායුගෝලයට කෙළින්ම ගමන් ගන්නා යානයක් නිර්මාණය කිරීමේ සවිස්තරාත්මක සැලැස්මක් 'නාසා' (NASA) ඇමෙරිකානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරනු ලැබීමට නියමිතයි.

2018 වසරේ අභ්‍යවකාශ ගත කරනු ලැබීමට සැලසුම් කෙරෙන මෙම යානය නම් කරනු ලැබ තිබෙන්නේ සෝලාර්+ (Solar Plus) යනුවෙනි.

සෝලාර්+ (Solar Plus) යානය සූර්යයාගේ සිට කිලෝමීටර් හැට ලක්ෂයක් පමණ ඈත කක්ෂයක ගමන් ගන්නා බව 'නාසා' ආයතනය පවසයි.

සෙල්සියස් අංශක 1300 කටත් වඩා අධික උෂ්ණත්වයකට ඔරොත්තු දීමට සෝලාර්+ (Solar Plus) යානයේ බාහිර පලකවලට සිදුවනු ඇත.

චන්ද්‍රිකා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන කාරණයට අදාළ භෞතික විද්‍යාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ ඉතා වැදගත් නිරීක්ෂණයක සෝලාර්+ (Solar Plus) යානය නිරත කෙරෙන බව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 'නාසා' ආයතනය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

එම නිරීක්ෂණය මගින් සොයාගනු ලබන දත්ත සහ තොරතුරු පෘථිවියේ උපත සනිටුහන් කළ විකිරණ පිපිරීම් සහ අපට ආලෝකය ලැබෙන මාර්ග පිළිබඳව විද්‍යාඥයන්ට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන බවත් නාසා ආයතනය පවසයි.