ප්‍රති­පත්ති පූජා­වෙන් සමාජ නවෝ­දය ඇති කරමු - අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ

බුදු­ද­හමේ උත්ත­රී­තර වටි­නා­කම් මත පද­නම්ව ප්‍රති­පත්ති පූජා­වෙන් සමාජ නවෝ­ද­යක් උදෙසා කට­යුතු කර­න්නට මේ වෙසක් සමයේ එක්සත්ව කට­යුතු කිරීම අති­ශය වැද­ගත් බව වෙසක් දින පණි­වි­ඩය නිකුත් කර­මින් අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසා සිටී. ඒ නිවේ­ද­නයේ මෙසේද දැක්වේ:

මෙවර වෙසක් පුන් පොහෝ දින එළ­ඹෙන්නේ අන­පේ­ක්ෂිත ත්‍රස්ත­වාදි ප්‍රහාර මාලා­වක් හේතු­වෙන් ශ්‍රී ලංකා සමා­ජය කැල­ඹී­මට, බියට සහ වේද­නා­වට පත්ව සිටින අවි­නි­ශ්චිත අව­ස්ථා­ව­කය. පොදු­ජන ජීවිත සුර­ක්ෂිත කිරීමේ අර­මු­ණින්, විශාල වශ­යෙන් ජන­තාව රැස් වන ආමිස පූජා­ව­න්ගෙන් බැහැර වන්නට සිදු වුවද බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධ­ර්මය පුද්ගල ආධ්‍යා­ත්මික විමු­ක්තිය මෙන්ම පොදු සමාජ විමු­ක්ති­යද අර­මුණු කොට­ගත් උතුම් ධර්ම මාර්ග­යකි.

වෛර­යෙන් වෛරය නොසං­සි­ඳෙන බව පැවසූ බුදුන් වහන්සේ නිර්වාණ මාර්ගය විහිදී ඇත්තේ සකල සත්ත්ව­යන් කෙරෙහි වන මෛත්‍රිය ඔස්සේ බව පැහැ­දි­ලි­වම ප්‍රකාශ කර ඇත. එබැ­වින් ජාති, ආගම් වශ­යෙන් බෙදී වෙන් වී විනා­ශය වැල­ඳ­ගැ­නීම වෙනු­වට, එකි­නෙ­කාගේ සංස්කෘ­තික විවි­ධ­ත්ව­යට ගරු කර­මින් මිනි­සුන් ලෙස සාම­යෙන් එක්ව කට­යුතු කිරීම යුගයේ අව­ශ්‍ය­තා­වකි. මේ අර්බු­ද­කාරි අව­ස්ථාව පිළි­බඳ මනා වැට­හී­මෙන්, ඉව­සි­ලි­ව­න්තව, සංය­ම­ශී­ලිව කට­යුතු කර­මින්, ජාතික ආර­ක්ෂාව ඇති කිරීම සඳහා සහාය දුන් සමස්ත ජන­තා­වට මාගේ හෘද­යං­ගම ප්‍රණා­මය පුද කරමි. අස­ත්පු­රු­ෂයා සත්පු­රු­ෂ­ක­මින්ද, වෛරය අවෛ­ර­යෙන්ද, අධ­ර්මය ධර්ම­යෙන්ද, අස­ත්‍යය සත්‍ය­යෙන්ද දින­වී­මට පෙර­මුණ ගන්නා අර්ථ­වත් සුබ වෙසක් මංග­ල්‍ය­යක් වේවායි ප්‍රාර්ථ­නය කරමි.