සාර්ථක වෙබ් අඩවියක් මගින් ලෝකය තරණය කරන්න.

වෙබ් අඩවියක් යනු වර්ථමාන ඩිජිටල් ලෝකය තුල ව්‍යාපාරයකට, පුද්ගල චරිතයකට නැතිවම බැරි අංගයකි. ඔබේ වෙබ් අඩවිය මගින් විවිධ අංශ කේන්ද්‍රගත කරගත හැකිය. එය විටෙක ඔබේ ව්‍යාපාරයට ලෝකය විවෘත වන කවුළුවකි. විටෙක එය ඔබේ ව්‍යාපාරයේ සරල පිටපතකි. ගනුදෙනුකරුවන් මුලින්ම දකිනා ස්ථානයකි එමෙන්ම අලෙවිකරනයේ කේන්ද්‍රස්ථානයකි. එය ඔබේ මෙන්ම ඔබේ ව්‍යාපාරයේ ප්‍රතිරූපයයි. එය ඔබේ ගණුදෙනුකරුවන්, රසිකයන්ට අනුව නිර්මාණය විය යුතුය. එයට මුලින්ම සේන්දු වෙන කෙනෙකුට එය බැලීමට ආකර්ෂණීය විය යුතුය. එමෙන්ම එය Google, Yahoo සෙවුම් යන්ත්‍ර තුල පහසුවෙන් සොයාගත හැකි විය යුතුය.

මේ සඳහා ඔබ පලපුරුදු වෙබ් අඩවි නිර්මාණකරුවෙකුගේ සහය ලබාගත යුතුය. එමෙන්ම ඔබටම යාවත්කාලීන කරගැනීමට අවශ්‍ය නම් එයට Backend එකක් සකසා ගත යුතුය. මේ සඳහා ගැලපෙන සරල වචන භාවිතයක් මෙන්ම ආකර්ෂණීය ඡායාරූපද එක්කරගත යුතුව ඇත. එමගින් ඔබේ වෙබ් අඩවිය වෙත පුද්ගල ආකර්ෂණය වැඩි කරගත හැකිවා සේම විවිධ අධ්‍යාපන මට්ටම් වල අයටද පහසුවෙන් කියවා තේරුම් ගත හැකි සරල බසකින් එය සමන්විය යුතුව ඇත. ඉතා පහසුවෙන් එය කෙනෙකුගේ පරිගණකයකට භාගත (download) විය යුතුය. බොහෝ විට තත්පර 15ක් ඇතුලත ඔබේ වෙබ් අඩවිය කෙනෙකුට බලාගත නොහැකි නම් ඔහු එයින් ඉවත්ව යන බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

එමෙන්ම ඔබේ වෙබ් පිටු ඉතා ක්‍රමවත්ව නිසි ආකාරයකින් සකස් කරගත යුතුය. ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරය ඉතා මැනවින් දිස්විය යුතුය. ඔබ ගැන නිෂ්පාදනය ගැන ඉතා සරලව නමුත් විස්තර සහිතව ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතුය. මෑත භාගයේ පර්යේෂකයන් දන්වන්නේ වෙබ් අඩවියකට පිවිසි වහාම අදාල නිෂ්පාදනය ගැන කෙටි විඩියෝවක් ඉදිරිපත් කර තිබීම වැදගත් බවයි. ඊට හේතුව ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් ඉතා කාර්ය බහුල නිසා සහ ඔවුන් කියවීමට මැලිකමක් දක්වන නිසාවෙනි. එම නිසා තත්පර 30ක් ඇතුලත ඔබ ගැන ඔබේ නිෂ්පාදනය ගැන දළ අදහසක් ඔබේ වෙබ් අඩවියට පිවිසීම මගින් එවැනි අයට ගැනීමට හැකිවිය යුතුය.



ඔබේ වෙබ් අඩවියේ බස ඉතා සරල විය යුතු අතර හැම වාක්‍යක්ම වචන 12කට අඩු විය යුතුය. පර්ක්ෂණ වලින් තහරවුරුවී ඇති පරිදි බොහෝ අයට පරිගණක තිරවල ඇති වචන එක දිගට කියවා ගෙන යෑමේ අපහසුවක් පවතී. ඔබේ වචන භාවිතය ඔබේ වෙබ් අඩවියටම අවේණික විය යුතුව ඇත. එය සෙවුම් යන්ත්‍ර තුල ඔබේ අඩවිය මුලට ඒමට රුකුලක් වෙනු ඇත. වෙබ් අඩවියේ සංචිතය මගින් ඔබව හදුනාගත යුත්තේ ඇයිදැයි කියවන්නාට දැන්විය යුතුය. 

ඔබව සම්බන්ධ කරගැනීමට හැකිවන ලෙස Contact us පිටුවක් අනිවාර්යයෙන් සකසා ගන්න. එහි ඔබේ විද්‍යුත් ලිපිනය (email) ඔබේ දුරකතන අංකය (contact number) අනිවාර්යයෙන් සදහන් කරන්න.

ඔබේ වෙබ් අඩවිය භාවිත කරන්නන් කුමන රටවලද, කුමන නගරවලද, ඔවුන්ගේ පසුබිම දැනගැනීම පහසු කරගන්නට google analytics නිෂ්පාදනය භාවිතා කරන්න. ඔවුන් ලබාදෙන Code ඔබේ වෙබ් අඩවිය තුල ස්ථාපිත කිරීම තුලින් පහසුවෙන් ඔබට මේ තොරතුර බලාගත හැකිය. මේ සදහා ඔබට ඔබේ gmail විද්්‍යුත් ලිපිනය භාවිත කල හැකිය. එමෙන්ම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරන ඉංජිනේරුවෙකුගේ (SEO Engineer) සහය ලබාගෙන ඔබේ අඩවිය සෙවුම් යන්ත්‍ර වලට මිත්‍ර කරගන්න. සමාජ ජාල වල ඔබ ගැන ඔබේ නිෂ්පාදනය ගැන පිටු (Fan Pages) සකසා ගන්න එම පිටු වෙබ් අඩවියටද එක්කරන ලෙස ඔබේ වෙබ් අඩවි නිර්මාණකරුවාට පවසන්න. එමගින් ඔබේ වෙබ් අඩවියට ප්‍රසිද්ධියක් ලැබේවි.



ඔබේ වෙබ් අඩවිය තැනීමේදී පහත සදහන් කරුණු ගැන අවධානය යොමු කරන්න.
  • වාක්‍ය ඉතා කෙටි කරන්න.
  • පහසුවෙන් අනුගත විය හැකි මෙන්ම පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයට ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්න.
  • හැමවිටම ඔබේ ඉලක්කගත කණ්ඩායම ගැන සිතා නිර්මාණය කරන්න.
  • ඔබේ අඩවිය භාවිත කරන්නාට ලැබෙන වාසි පිළිබදව සදහන් කරන්නට පසුබට නොවන්න.
  • අංකනය කර හෝ Bullet යොදා ඔබ කියන්නට යන දේ පැහැදිලි කරන්න.
  • ඉතා පහසුවෙන් හැසිරවිය හැකි තේරුම්ගත හැකි මාතෘකා, අනු මාතෘකා, පේලි අතර පරතරය තබන්න.
  • ඉතා පහසුවෙන් කියවිය හැකි ඇසට අපහසුවක් නොදැනෙන ආකාරයට නිර්මාණය කරන්නට වගබලා ගන්න.
  • ඉංග්‍රීසී භාෂාව යොදනවා නම් හැම වචනයක්ම කැපිටල් අකුරු වලින් නොයොදන්න.
  • ඔබ යොදන වර්ණ ගැන සැලකිලිමත් වන්න ඇසට අපහසු වර්ණ යොදාගැනීමෙන් වලකින්න.
  • ඔබේ ව්‍යාපාරයේ සංකේත නිවැරදි ස්ථානවල ස්ථාන ගත කරන්න.
  • සමාජ ජාල අඩවි වල පිටු වලට පහසුවෙන් පිවිසෙන්නට ඇවැසි ලින්ක් ලබාදෙන්න.
  • වර්ථමානයේ යොදාගන්නා සෑම browser යකම මෙය පරීක්ෂා කර බලන්න. උදා-Chrome, Firefox, Safari, Internet Explorer, Opera
  • Youtube, Vimeo යන විඩියෝ වෙබ් අඩවි භාවිතා කර ඔබේ වෙබ් අඩවියට විඩියෝ එක් කරගන්න. එමෙන්ම ඔබේ විඩියෝ මේ අඩවි වලට මුදා හරින්න. එහිදී ඔබ එකතු කරගන්නා විඩියෝ සමාගම් වලට අයිතිදැයි සොයා දැන ගන්න එවැනි විඩියෝ එක්කරගැනීමෙන් වලකින්න.
  • ඔබේ අඩවිය විවිධ අන්තර්ජාලය භාවිතා කරන්නට යෙදෙන උපකරණ මගින් පරීක්ෂා කර බලන්න. එය Responsive Design ලෙස හදුන්වයි. උදා - ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් අදාරයෙන් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
  • ඔබේ අඩවිය නිතර යාවත් කාලීන කරන්න.
 
පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු
www.seoranksrilanka.com