Google Ads ගැන දැනගන්න

Google සැරිසරන ඔබ සමහර විට ඔබ Google Ads මේ වන විටත් දැක ඇත. Google  සමාගම විසින් 2000 වසරේ ඔක්තෝබර් මස 23 දින  හඳුවාදී ඇති Google Ads, ඔබේ නිෂ්පාදනය හෝ සේවාව වඩාත් කාර්්‍යක්ෂම ලෙස ඔබේ ගණුදෙනුකාරභවතුන් වෙත ගෙන යෑමේ එක් දැන්වීම් කලාවකි. විශේෂයෙන්ම මූලපද Keywords හරහා සෙවුම් යන්ත්‍ර Search Engines තුල භාණ්ඩයක් හෝ සේවාවක් සොයන්නෙකුට Google Ads හරහා විවිධ භාණ්ඩ හා සේවා සපයන ආයතන පුද්ගලයින් පෙන්වා දෙයි. මෙය ඉතා ශීග්‍රයෙන් ප්‍රචලිත වූ දැන්වීම් කලාවකි.

උදාහනයක් ලෙස බයිසිකල් අළුත්වැඩියා කරන්නෙකු සොයන්නෙකුට එම සේවාව ලබාදෙන පුද්ගලයාගේ දැන්වීම් අදාල මූලපදය යතුරු ලියනය කළවිට ඉහලින්ම එන සෙවුම් ඔස්සේ පෙන්වා දෙයි. සමාන්‍ය සෙවුමකින් Google Ads සොයාගත හැකි වන්නේ Ads යන වඩනය කොළපාටින් අදාල දැන්වීමේ දැක්වෙයි.

 

ඕනෑම අයෙකුට www.ads.google.com ඔස්සේ තමන්ගේ Google ගිණුම එසේත් නැතිනම් තමන්ගේ gmail ගිණුම ඔස්සේ ප්‍රවේශවිය හැකිය.

Google Ads විශේෂයෙන්ම ඔබට අවශ්‍ය  වන්නේ ඔබේ භාණ්ඩ හා සේවාව වෙත වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට. ඔබේ වෙබ් අඩවිය වෙත වැඩි පරිශීලකයින් සංඛ්‍යාව පැමිණි විට ඔබේ ඩිජිටල් අලෙවිය ඉහලයයි. එමෙන්ම වැඩි ඇමතුම් සංඛ්‍යාවක් තුලින් ඔබේ අදායම වැඩිකරගනීමට අවශ්‍ය පහසුකම් ලැබේ.

 

එමෙන්ම තමන්ගේ රටේ මෙන්ම වෙනත් රටක පාරිභෝගියන් ඔබේ භාණ්ඩය හෝ සේවාව ලබාගැනීමට ගෙන්වාගත හැකිවීම. සෘජුව ඉලක්කගත රටවල්, කලාප හෝ නගර කේන්ද්‍ර කරගනිමින් අදාල දැන්වීම් පලකිරීමේ පහසුකම මෙහි ඇත.

නිවැරදි පුද්ගලයන් නිවැරදි කාලයේදී තම ව්‍යාපාරය වෙත ගෙන්වා ගැනීමට මෙය කදිම පහසු මඟකි.

එමෙන්ම ඔබට අවශ්‍ය වෙලාවට නතර කිරීමට තාවකාලිකව දැන්වීම නැවත්වීමට මෙතුල වේ.

 

Google Ads ප්‍රධාන දැන්වීම් කාණ්ඩ 4කි. එනම්

  1. Search Ads - සෙවුම් යන්ත්‍රය මගින් සේවීම් කරන විට පෙනෙන දැන්වීම්
  2. Display Ads – Gmail හා වෙබ් අඩවි ඔස්සේ අකුරු හා ඡායාරූප යොදාගෙන පෙන්වන දැනවීම්
  3. Video Ads – YouTube හරහා ප්‍රධාන වශයෙන් පෙන්වන විඩියෝ දැන්වීම්
  4. App Ads - ස්මාර්ට් ජංගම දුරකථන Apps ඔස්සේ පෙන්වන දැන්වීම්

ලෙසය.

එමෙන්ම මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ තමන්ගේ සේවා ස්ථානයට හැතැක්ම කිහිපයක් ඇතුලත ඇති ආයතන හා පුද්ගලයන් වෙත ඉතා පහසුවෙන් තම භාණ්ඩය හා සේවාව අලෙවිකරගැනීමයි.

දැන්වීම නිර්මාණය කරගැනීමෙන් පසු එම දැන්වීම හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද ඔබට සජීවීව නැරඹීමේ අවස්ථාව ලබාදී ඇත.

නිශ්චිත කාල පරාසයක් ඔස්සේ දැන්වීම සදහා යන පිරිවැය බෙදාගැනීමේ පහසුකම් ලබාදී ඇති අතර එම පිරිවැය අඩු වැඩි කිරීම වැනි පහසුකම්ද මේ තුල වේ.

Google Ads පෙන්වීම සඳහා එම ආයතනය මිලක් නොගන්නා අතර යමෙකු ඔබේ දැන්වීම Click කොට එයට පිවිසි විට ඔබට යම්කිසි මුදලක් ඒ සඳහා ගෙවීමට සිදුවේ. සමහර ආයතන ඩොලර් දහස් ගණනක් මෙම දැන්වීම සඳහා ආයෝජනය කරයි. 

ඔබට තනිව  Google Ads නිර්මාණය කරගත නොහැකි නම් අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ඉංජිනේරුවරයකුගේ (SEO Engineer) උදව් ලබාගන්න.

- පුලස්ති වන්නිආරච්චි

ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක