චැට් කරන්න කෝල් කරන්න Line

Line කියන්නේ නොමිලේ ලබාදෙන සංනිවේදන ඇප්ලිකේෂන් එකක්. මෙමගින් ස්මාර්ට් ජංගම දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් හෝ පූද්ගලික පරිගණකයක් ආධාර කරගෙන සංවාද, වචන, ඡායාරූප හා හඬ පට හුවමාරු කරගත හැකි අතර, වීඩියෝ සංවාද සදහාද යොදාගත හැකිය. මෙම සේවාව වැඩි වශයෙන් භාවිතා කරන්නේ ජපානය හා දකුණු කොරියාවයි.

මෙය මුලින්ම අන්තර්ජාලයට එක්කරන ලද්දේ 2011 වසරේ ජපානයේදීය. මාස 18ක් වැනි සුළු කාලයකදී මිලියන 100ක් පමණ පරිභෝජනය කරන්නට යෙදුන මෙම සේවාව මාස මිලියන 200ක් දක්වා ඉතා කෙටි කලකින් වර්ධනය විය. මෙය 2013 වසරේ ජපානයේ විශාලතම සමාජ ජාල පද්ධතිය විය. 2014 වසරේ එම ආයතනයේ දත්ත වලට අනුව ලෝකය පුරා මිලියන 560ක් මෙම සේවාව භාවිතා කර ඇත. මෙය තායිවානය, තායිලන්තය ආශ්‍රිත රටවල වඩාත් ප්‍රචලිත සේවාවක් විය.

Line mobile application එක Android සහ iOS ස්මාර්ට් ජංගම දුරකථන සදහා මුලින් නිෂ්පාදනය කර තිබු අතර පසුව එය BlackBerry OS (August 2012), Nokia Asha (Asia and Oceania, March 2013),Windows Phone (July 2013),Firefox OS (February 2014),iOS tablets (October 2014), Chrome Browser Application (via the Chrome Web Store) සඳහා නිර්මාණය කරන ලදී. එමෙන්ම මෙය Microsoft Windows සහ macOS පරිගණකවලද භාවිතා කළ හැකිය.
මෙය භාෂා 40කින් ලොව පුරා භාවිතා කිරීමට නිපදවා ඇති අතර www.line.meවෙබ් අඩවිය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම මෙහි ස්ටිකර් හා ක්‍රීඩා තිබීම භාවිත කරන්නන් අතර ප්‍රචලිතවීමට වඩාත් උපකාරී වී ඇත. Line Friends,Line Pay,Line Taxi, Line Wow අමතර සේවාවන් කිහිපයක්ද අන්තරගතය.

මෙය භාවිත කරන්නන්ට ආරක්ෂාව පිළිබඳව වඩාත් නවීන තාක්ෂණ ක්‍රම ලබාදී ඇත. ජපානය තුල ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ Line හා Viberය. මෙහි නොමිලේ ලබාදෙන සේවාවන් ලෙස ලෝකයේ ඕනෑම තැනකට ඕනෑම අවස්ථාවක පණිඩිඩ යැවීම, කතාකිරීම හා විඩියෝ සංවාදවල යෙදීම,ඡායාරූප හා විඩියෝ හුවමාරු කරගැනීම සිදුකරගත හැකිය.

පුලස්ති වන්නිආරච්චි

ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක