සුනෙත්මාලිංග“ඉත්තෝ”සමඟින්, අභිරහසක් හඹායයි.

පුංචි තිරයේ ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත්කළ චංචලරේඛා, ආයෙමත් ආදරෙන්, මිල්ලෑවවලව්ව වැනිටෙලි නිර්මාණයන් ඉදිරිපත් කළ සුනෙත් මාලිංග ලොකුහේවා, බටහිර ටෙලිනාට්‍ය ආකෘතියක් තුළ පිහිටා කරන ලද,“ඉත්තෝ”කොටස් සියයකින් යුත් නවතම ටෙලිමාලාව ළඟදීම පුංචි තිරයේ දිග හැරීමට නියමිත ව ඇත.
මෙම කොටස් සියය තුළ අලුත් කතා තේමාවන් හතරක් හඳුන්වා දෙමින් සහ ඒ ඒ කොටස් සඳහා නව චරිත හඳුන්වා දෙමින්, සම්පූර්ණ ටෙලිමාලාව තුළ ප්‍රවීණ සහ ජනප්‍රිය නළුනිළියන් 75කට ආසන්න පිරිසක් යොදවා ගැනීමට සැලසුම්කර ඇත.
ප්‍රවේගය චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසි උදාරි පෙරේරාගේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනය වන මෙහි උදාරි සමඟින් රොෂාන් රණවන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ටීනා ෂනෙල්, දමයන්ති ෆොන්සේකා, අමිල කරුණාරත්න, තිලිණි පෙරේරා, නිමේෂා මධුෂානි, සිනෙති අකිලා, චාමර ප්‍රියදර්ශන, චමීර ලියනගේ, ඉෂාන් ගම්මුදලි, මේනකා මධුවන්ති, නිසදි කාරියවසම් ඇතුළු රංගන වේදීන් පිරිසක් මේවන විට රූගත කිරීම් නිමවා ඇති, පළමුවන කොටස් විසිපහ සඳහා දායකව ඇත. මෙය කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරණ සමගින් නිලංක ඇලෙක්සැන්ඩර් එකතුව කළ තිරරචනයකි. කැමරා අධ්‍යක්ෂණයෙන් ඇඩම්ස් මැක්ලේන් එක් ව ඇති මෙහි, තිර රචනා අධීක්ෂණය සහ අධ්‍යක්ෂණය සුනෙත්මාලිංග ලොකුහේවාගෙනි.
සටහන - ඇන්ටන්ජේ. ප්‍රනාන්දු
ඡායාරූප - මෙවන් ලියනගේ