එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී පෙබරවාරි 16 සෙනසුරාදා මහරගම යොවුන් රගහලේ දී

සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණ වර්ණය විශාරද  එඩ්වඩ්  ජයකොඩිගේ   මාරම්බරී   ඒකපුද්ගල  ගී ප්‍රසංගය පෙබරවාරි 16  සෙනසුරාදා   සවස 6.30 ට මහරගම යොවුන් රගහලේ දී පැවැත්වේ. 
මෙම මාරම්බරී  ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ නුගේගොඩ අනුලා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය විසිනි. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ ශාරන්‍යා  ජයකොඩි යුග ගායනයෙන් දායක වෙති.  එඩ්වඩ් - චරිතා ආදරණිය පුතු චන්දිප ජයකොඩි ඉදිරිපත් කරන විශේෂාංගයක්ද මෙම ප්‍රසංගයට ඇතුළත් වේ. චරිතා ප්‍රියදර්ශනී පීරිස් ද නුගේගොඩ අනුලා විද්‍යාලයීය දීප්තිමත් ආදි ශිෂ්‍යාවකි.
මාරම්බරී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සංගීතවේදී සුසිල් අමරසිංහ ගෙන්  වන අතර ප්‍රසංග ඇමතුම ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක වසන්ත රෝහණ ගෙනි.
-උපාලි බණ්ඩාර වීරසේකකර