“අමුතු රසිකයා” පෙබරවාරි 12 සිට සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන්



පෙබරවාරි 12 සිට සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන “අමුතු රසිකයා” නැවුම් ආරක් ගත් ටෙලි නාට්‍යයකි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍යයේ ශ්‍රියන්ත මෙන්ඩිස්, සුරාජ් මාපා, රොෂාන් පිලපිටිය, හසිනිකා කරලියැද්ද, මනිෂා චංචලා, සංජය මුරමුදලි සහ ටානියා පෙරේරා රඟපාති. සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයක් අනුව නිර්මිත “අමුතු රසිකයා” හි සංගීත අධ්‍යක්‍ෂණය කපිල පූගල ආරච්චිය.
-උපාලි බණ්ඩාර වීරසේකර