විලාසිතා - Fashion - 1

විලාසිතා, මන බඳිනා විලාසිතා. ඇස අග සොම්නස තවරන NEXT MEDIA  විලාසිතා.දරුවන්ගේ, යෞවනයන්ගේ, යෞවනියන්ගේ, තාරුණ්‍යයේ, කාන්තාවන්ගේ, වෙනස් පිරිමින්ගේ රිද්මය වෙනස් කරන විලාසිතා ලෝකයේ විවිධ විලාසිතා පිළිබඳ විමසන විලාසිතා යාත්‍රාව. අද සිට NEXT MEDIA අප ආරම්භ කරනව. අපේ අවට ලෝකයේ අවට සිදුවන විවිධ වෙනස්කම් ප්‍රවණතාවන් ඔබත් එක්ක බෙදා ගන්න. එන්න! ජීවිතයේ අපූර්ව සුන්දරත්වය විලාසිතා එක්ක විඳගන්න.

පූර්විකාව

මොනාද මේ විලාසිතා ?

සරලවම සංස්කෘතියක  ඇඳුම් පැළඳුම් ආකාරයන් විලාසිතාවන්ය.

ආහාර රටා, සාහිත්‍යය, කලා නිර්මාණ, ගෘහ නිර්මාණ ශිල්ප මේ සියල්ල විලාසතාවන්. ඇත්තෙන්ම විලාසිතා, ලොව ඉහළම ධනාත්මක භාවිතාවක්. නිරතුරු අලංකාරය කැටුව එන සිත මන්මත් කරවන මානව කලාව විලාසිතාවන්.  විලාසිතාව සමාජයීය කලාවක්. එය සංස්කෘතික අලංකාරය සහ යහපත්බව නිබඳවම අප වෙත ගෙන එනවා.නූතනයේදී ඇතැම්විට සෘණාත්මක අර්ථයන්ද ගෙන එනවා. එය අනවශ්‍ය, නොගැළපෙන, පුහු අලංකාරය කැන්දන දෙයක් ලෙසද සලකන අය විවිධ තර්කයන්කරනව. ඒ වගේ හොඳ නරක ගොඩක් තියෙනව. NEXT MEDIA අපිනම් විලාසිතා සලකන්නෙ ධනාත්මක කලාවක් සජීවී කලාවක් විදියට.

 අපේ රටේ කොළඹ, සහ වෙනත් බොහෝ තැන්හි විලාසිතාවන් සඳහා ප්‍රසිද්ධයි. පැරිස්, ලන්ඩන්, නිව්යෝර්ක්, මුම්බායි, මිලාන්, ලොස් ඇන්ජලීස්, ඩුබායි, සාවෝ පෝලෝ, සිඩ්නි, තෝකියෝ එවැනි නගර කිහිපයක්.


විලාසිතා ගොඩක් කාන්තාවො කළාට විලාසිතා පටන් ගන්නෙ කර්මාන්තයක් විදියට පිරිමින්ගෙන්. 14 වන සියවසේ පිරිමි වෙනුවෙන් කොට කලිසම නිර්මාණය වීමත් එක්ක යුරෝපීය විලාසිතා ආරම්භ වෙනව. ඊට පෙර සම්පූර්ණ කලවා වැසෙන විදියට පිරිමි ඇඳුම් නිර්මාණය කර තිබුණා. නව නිර්මාණය වෙනස් එකක්. එය තට්ටම විතරක් වැසෙන සේ කොට කර නිර්මාණය කර තිබුණා. එය සිරුරට සිරවෙනසේ සකස්කළ එකක්. ජේම්ස් බෞඩෙල් මෙම පිරිමි ඇඳුමෙ නිමැවුම්කරු.

 

කාන්තාවන් වෙනුවෙන් විලාසිතාවක් විදියට ඇඳුම් නිර්මාණය වෙන්නෙ 15 වන සියවසේදි. කොණ්ඩය සැකසුමත් එක්ක. ඒ වගේම ඇඳුම් නිර්මාණය.

 මුදල් වැඩියෙන් තිබුණු කාන්තාවන් වෙනුවෙන් තමයි ඒ නිර්මාණත් සිදු කෙරෙන්නෙ. පල්ලියේ සහ රාජාණ්ඩුවල බලපෑම නිසා මේ විලාසිතා එච්චර පැතිරෙන්නෙ නෑ.

  

16-17 සියවස්වල ප්‍රංශයෙ විලාසිතා නිර්මාණකරු බ්‍රෙව්ඩෙල් ගෙ විලාසතා නිර්මාණ එක්ක විලාසිතා රැල්ලක් නිර්මාණය වෙනව. eඔන්න ඔහොමයි විලාසිතා ඉතිහාසය නිර්මාණය වෙන්නෙ.

 


ඒ රැල්ල අද දක්වාම සොඳුරු  සුළඟක්ව ගැහැණු පිරිමි ඇඟ දැවටෙනව. ලස්සනයි, ස්මාර්ට්, හැන්ඩ්සම්, කියුට්,  මාරයි, පට්ට, මැක්සා, ගින්දර විදියට සවන මිහිරිව පුරවනව. නෙතට උළෙලක් කැන්දනව. නෙක්ස්ට් මීඩියා අපි ඒ  විලාසිතා රස දෝත දිනපතා සතිපතා ඔබත් එක්ක බෙදා ගන්නව.

අපේ රටේ විලාසිතා ගැන ඉදිරි දවසක අපි කතා කරන්න බලන් ඉන්නව.

NEXT MEDIA  වෙනුවෙන් - චාමින්ද