සමාජ ජාල තුලින් ඔබේ ව්‍යාපාරයට දියුණුවක් සැලසෙන අයුරු

ශ්‍රී ලාංකික බොහෝදෙනෙකු අන්තර්ජාලය පරිශීලනය කලද, එහි සැරිසරමින් එහි ඇති වාසි තම ප්‍රතිරූපය ගොඩනැගීමට මෙන්ම, තම ව්‍යාපාරය ගොඩනැගීමට භාවිතා කළ යුතු ආකාරය ගැන හරි අවබෝධයක් නොමැත. ලෝකයේ 97% පමණ අලෙවිකරුවන් දැනට අලෙවි කටයුතු සදහා සාමාජ ජාල භාවිතා කරන අතර දැනට ලෝකයේ 50% පමණ කුඩා ව්‍යාපාර සමාජ ජාල වෙබ් අඩවි භාවිතා නොකරයි. එමනිසා ඔවුනට ලැබෙන්නට ඇති අදායම අඩුකරගෙන ඇති බව අන්තර්ජාල විශේෂඥයන්ගේ මතයයි.

සමාජ ජාල භාවිතයෙන් ඔබට මූලිකව පහත සදහන් වාසි ලබාගත හැකිය.

  1. ඔබේ නිපැයුම් වර්ගයේ ප්‍රජා දැනුවත් කිරීම ඉහළ දැමිය හැකිය. - Increasingyour brand awareness

සමාජ ජාල තුලින් ඉතා වේගයෙන් අඩු කාලයකින්, අඩු මුදලකින් ඔබේ නිපැයුම්වල ප්‍රජා දැනුවත් භාවය මෙන්ම ඔබේ ප්‍රතිරූපය ගොඩනැගිය හැකිය. එමගින් ඔබට මෙන්ම ඔබේ නිපැයුම්වලට වටිනාකමක් සහ ගැණුම්කරුවන් සොයාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් වනු ඇත.

  1. ඔබේ වෙබ් අඩවියේ පරිශීලකයන් වැඩිකරගත හැකිය. - Increasing your traffic

සමාජ ජාල තුල ඔබේ වෙබ් අඩවිය ගැන සදහන් කිරීම මගින් ඔබේ වෙබ් අඩවිය ගැන අන්තර්ජාල පරිශීලකයන් දැනුවත් කළ හැකිය. එමගින් ඔබේ වෙබ් අඩවිය වෙත ඔවුන් කැදවීම හා ඔබේ ව්‍යාපාරයට ලැබෙන ආදායම වැඩිකරගැනීමට මෙම අලෙවිකරණ තුලින් මහත් රුකුලක් ලැබෙනු ඇති.

  1. වඩා පහසුවෙන් ඔබේ සැපයුම හෝ නිපැයුම් අන්තර්ජාලය තුල අලෙවිකරණය කරගැනීමේ හැකියාව. Promoting your products and services

ඔබ මේ වන විටත් විශාල මුදලක් රූපවාහීනි, ගුවන්විදුලි හෝ පුවත්පත් දැන්වීම් වලට යොදවන්නේ නම් එයින් අඩකටත් වඩා අඩු මුදලක් වැයකොට සමාජ ජාල අලෙවිකරණය තුලින් පෙරට වඩා විශාල අලෙවිකරණ පරාසයක් අත්කරගත හැකිවේ.

 

ඔබ සතුව ඉතා හොදින් පරිශීලනය වන සමාජ ජාලලෝලීන්ගේ පිටුවක් (Fan Page) ඇත්නම් එමගින් ඔබේ ව්‍යාපාරයට, නිපැවුම්වලට හෝ ඔබට පිලිගැනීමක් සමාජය තුල ඇති කලහැකි බව මේ වනවිටත් ඔබ නොදන්නවා වන්නට පුළුවන. වර්තමාන ලෝකයේ ඔබේ කටයුතු ගැන පහසුවෙන් මෙන්ම කෙටි කාලයකින් ලොවට පවසන්නට ඇති කදිම මාධ්‍ය නම් සමාජ ජාල වෙබ් අඩවියි.

නිවැරදි සමාජ ජාල භාවිතයන් ගැන කෙටියෙන් අපි මෙසේ දැනුවත් වෙමු.

  1. නිපැයුම් වර්ගයන් හි පිලිගැනීම ඇතිකිරීම - Create Brand Recognition

ඔබ විසින් නිෂ්පාදිත යම් භාණ්ඩයක හෝ ඔබ විසින් සපයන සේවාවක සමාජීය පිලිගැනීම වැඩි කිරීමට එහි අන්තර්ගත කරුණු පිළිබඳව සමාජය දැනුවත් කිරීමට මෙම ප්‍රබල මාධ්‍ය ඔබට පිටුවහලක් වනු ඇත. එමගින් ඔබේ අලෙවිකරණ ඉලක්ක සපුරාගැනීමට හැකිවනු නොඅනුමානය. වඩාත් ඵලදායී ලෙස පහසුවෙන් එම ඉලක්ක වෙත පියනැගීමට සමාජ ජාල වෙබ් අඩවි නිර්මාණය වී ඇති බව වටහා ගන්න. මෙහිදී ඔබ වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ ඔබේ පිටුව ඉතා පිරිසිදුව, යාවත්කාලින කරමින් හා ක්‍රමවත්ව පවත්වාගෙන යාමයි. එයින් ඔබ කෙරෙහි වැඩි ආකර්ෂණයක් සමාජයෙන් එල්ලවෙනු ඇති.

 

  1. ඔබේ නිපැයුම් වර්ගය කෙරෙහි සමාජ කතිකාවතක් ඇති කළ හැකිය. Generate A Conversation Around Your Brand

අඛණ්ඩ සමාජ ජාල භාවිතය මගින් ඔබේ ව්‍යාපාරයේ නිපැයුම්, ඔබේ සැපයුම ගැන දැවැන්ත කතා බහක් පුද්ගලයන් අතර ඇතිකළ හැකිය. විටෙක එය ඔබේ ව්‍යාපාරය තුල ඇති අඩුපාඩු නිවැරදි කරගැනීමට මෙන්ම ඉල්ලුම ගැන ඔබට අවබෝධයක් ලබාගැනීමටද රුකුලක් වනු ඇත. ඔබට හොද සමාජ කතිකාවතක් ඔබේ ව්‍යාපාරය ගැන ගොඩනැගීමට පහසුම මාධ්‍ය මෙය වනු ඇත.

  1. සාමාජ ඇහුම්කන්දීම වැඩිකරගත හැකිවීම. Improve Social listening

සමාජ කතාබහ තුලින් ඔබට ඉතා ඉක්මණින් ඔබේ ව්‍යාපාරයේ ඉලක්කගත කණ්ඩායම වෙත පිවිසිය හැකි අතර, ඔවුන්ගේ අදහස් යෝජනා, විවේචන තුලින් ඔබේ ව්‍යාපාරය ඉහළට ගොඩනැගිමට උපකාරයක් වනු ඇත. එමගින් ඔබටද ඔබේ ව්‍යාපාරයේ පිටත සිට සේවාලාභියෙකු ලෙස ඒ දෙස බැලීමට පුරුදු පුහුණු කරනු ඇත. සාර්ථක ව්‍යාපාරිකයෙක්වීමට සමාජ ජාල තුල සැරිසරන්නන්ගේ කතිකා ඔබට උපකාරවනු නියතය.

  1. ඔබේ කතාව කියන්න. Tell Your  Story

ඔබේ ව්‍යාපාරයේ විකසනයවීමේ කතාව සමාජයට දැනගන්නට ඉඩහැරිය හැකි මාධ්‍යකි සමාජ ජාල මාධ්‍ය. ඔබට එහි ඔබේ කතාව ගොඩනැගිය හැකි අතර, ඔබට වටිනාකමක් එහි නිතැතින්ම ගොඩනැගෙනු ඇති.

  1. ගණුදෙනුකරුවන්ට ලැබෙන අඛණ්ඩ පාරිභොගික සේවාව මගින් ඔබේ ගණුදෙනුකරුවන් සතුටෙන් තැබිය හැකිවේ. Provide Customer Service That Keeps Your Followers Happy

සමාජ ජාල තුලින් ඔබේ ගණුදෙනුකරුවන්ට/පාරභෝගිකයන්ට සෘජුව ඔබ හා සම්බන්ධ විය හැකි අතර එමගින් ඔවුන්ට පැනනගින ගැටළු කෙරෙහි ඔබේ අඛණ්ඩ අවධානය පවත්වා ගත හැකිවේ. කඩිනම් විසදුම් පැනයන්ට ලබාදීම මගින් පාරිභෝගික සතුට වැඩි වන අතර ඔබේ භාණ්ඩ හා සේවාව කෙරෙහි ඔවුන්ගේ අඛණ්ඩ විශ්වාසය ගොඩනැගිය හැකිවේ. එසේ කිරීම තුලින් ඔබ ඔබේ පාරිභෝගිකයන්ට ඔබේ ලැදියාව හා විශ්වාසය ලබාදේ.

  1. සෘජු පරිශීලික නැඹුරුවීම ඔබේ වෙබ් අඩවිය වෙත හෝ ඔබේ බ්ලොගය වෙත ලැබේ. Direct Referral Traffic To Your Site Or Blog

සමාජ ජාල පිටු තුල ඔබේ සිතැගි හෝ නිර්මාණයන් ප්‍රචාරය කරන විට ඔබේ වෙබ්අඩවියේ හෝ බ්ලොගයේ ඇමිණුම තුලින් එහි පරිශීලිකයන්ගේ වැඩිවීමක් ඇතිකරගත හැකි අතර, එමගින් ඔබේ වෙබ් අඩවියේ පරිශීලික සංඛ්‍යාව ඉහල දමාගත හැකිවේ.

  1. එය බොහෝ විට නොමිලේ සැපයේ.

සමාජ ජාල වෙබ් අඩවි තුල ඔබ යම්දෙයක් ප්‍රචාරය කරන්නේ නම් එය නොමිලයේ ප්‍රචාරය කරගත හැකිය. එමෙන්ම එහි මුදලක් ගෙවා තම දැන්වීම් ප්‍රචාරය කිරීමේ පහසුකම ලබා දී ඇත. එමෙන්ම මෙමගින් ඔබේ වාර්ෂික අලෙවිකරණ පිරිවැය අඩුකරගත හැකි අතර, අඩු මුදලකින් වැඩිදෙනෙක් වෙත ඔබේ භාණ්ඩ හා සේවාවන් ලඟාකරවීමේ පහසුකම ලැබේ. සතියකට පැය හයක පමණ කාලයක් සමාජ ජාල තුල සැරිසරන ලෙසත්, එමගින් ඔබේ ව්‍යාපාරය ගැන 84% අලෙවිකරණ හැකියාවක් ඇති කරගත හැකි බවත් විශේෂඥයන් පවසයි. ඔබේ අලෙවිකරණය Facebook, Twitter, Instagram හා LinkedIn තුල ඉතා අඩු මුදලකින් ආරම්භකළ හැකි අතර ක්‍රමයෙන් එම මුදල වැඩි කිරීම තුලින් ඔබට විශාල ලෝලීන් ප්‍රමාණයක් අත්කරගත හැකිය.

  1. # tag භාවිතා කරන්න. Twitter, Facebook,Instagram හා Google+ තුල # tag භාවිතා කිරීම තුලින් ඔබේ පණිවිඩය බොහෝදෙනා අතරට පත්කල හැකිය. එමගින් යම් වචනයක් භාවිතයෙන් සොයන්නෙකුට ඔබේ පණිවිඩය පත්වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව හා සබැදි පණිවිඩයක් නම් #lk, #lka, #SriLanka යන # tag භාවිතා කළ හැකිය.

 

  1. ඔබේ පාරිභෝගිකයන් නිතර දැනුවත් කරන්න. Keep Your Customers UpToDate

ඔබේ භාණ්ඩ හා සේවා පිළිබඳව හා එවාට කාලානුරූපව අලුතින් ඔබ එක්කරන විශේෂ අංශ හෝ අංග ගැන නිතර ඔබේ පාරිභෝගිකයන් සමාජ ජාල තුලින් දැනුවත් කරන්න. එමගින් ඔබේ ව්‍යාපාරයට අමතර වටිනාකම් රැසක් එක්වෙනු ඇති.

      10.  වඩා හොද සෙවුම් යන්ත්‍ර ශ්‍රේණියක් පවත්වාගෙන යා හැකිය. Better Search Engine Rankings.

සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරයේදී සමාජ ජාල වෙබ් අඩවි බෙහෙවින් උපකාරීවේ. එමගින් සෙවුම් යන්ත්‍ර තුල ඔබේ වෙබ් අඩවිය ඉහළට ගැනීමට මහෝපකාරීවන සිද්ධිදාමයන් ඇතිකළහැකි අතර, නිතර ඔබේ සමාජ ජාල පිටු යාවත්කාලීන කිරීම තුලින් සෙවුම් යන්ත්‍ර තුල අගය ඉහළ මට්ටමක පවත්වාගත හැකිය.


පුලස්ති වන්නිආරච්චි

අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු

www.seoranksrilanka.com