බලයද? රටද?

ලංකා දේශපාලනයේ පසුගියදා සිදු වූ පරිවර්තනය නැතිනම් බල පෙරැළිය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. මෙරට දේශපාලන ඉතිහාසයට එක්වූ කළු පැල්ලමක් වශයෙන්ද මෙය හඳුන්වාදීමේ වරදක් නැත. එජාපය සහ ශ්‍රීලනිප පාර්ශ්වයක් එක්වී ආරම්භ කළ යහපාලන ආණ්ඩුවේ ඉතිහාසය හා වර්තමානය කෙරෙහි අවධානය යොමු කිරීම ද මෙහිදී වැදගත්ය. ජනාධිපතිවරයාගේ සහ එජාපයේ දීගය ආරම්භයත්, එහි දික්කසාදයත් යන කරුණු ද්විත්වයම යම් ආකාරයක දේශපාලන කුමන්ත්‍රණයකි.
වසර 2005දී මෙන්ම 2010දීත් මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීමට තරම් ප්‍රබල නායකත්වයක් එජාපයට තිබුණේ නැත. එය ප්‍රසිද්ධ රහසකි. යුද ජයග්‍රහණය හේතුවෙන් 2010 වන විට මහින්ද රාජපක්ෂ විශාල පෞරුෂයකින් හෙබි නායකත්වයක් ගොඩනඟාගෙන සිටියේය. රාජපක්ෂ මහතාගේ කාඩ් කුට්ටමේ ඒ මොහොතේ සිටි හොඳම තුරුම්පුවක් සොරා ගෙන එජාපය සහ සිවිල් සංවිධාන ප්‍රමුඛ රාජපක්ෂ විරෝධී බලවේගය 2015 ජනාධිපතිවරණයට පෙළ ගැසුණේ එම පසුබිමේය. එජාප සහ මෛත්‍රී දීගය කුමන්ත්‍රණය බව කියන්නේ එනිසාය.
මෛත්‍රී යනු ශ්‍රීලනිප හිටපු මහ ලේකම්වරයාය. වරක් ඔහු එම සටනින් ද පරාජය වූවේය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවීමෙන් පසු පක්ෂ නායකත්වය සහ මහලේකම් අතර මත ගැටුම් පෙනෙන්නට තිබුණි. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රාජපක්ෂ මහතා යොමුවන්නේ අළු යට ගිනි තිබියදීය. ඔහු එම ජනාධිපතිවරණයට තරග කළ යුතු යැයි යෝජනා කරන්නේද මෛත්‍රීය. පසුව ඔහු මහින්ද රාජපක්ෂ ප්‍රතිවාදී ගොඩට එක් වූ ආකාරය අමුතුවෙන් කිව යුතු නොවේ. 2014 නොවැම්බර් 26 වැනිදා පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රී වරම් ලැබුවේ ඒ අනුවය. මෛත්‍රී ජනපති කිරීමට මූලික වශයෙන් වෙහෙස වී කැපවී කටයුතු කළෝ එජාප පාක්ෂිකයෝය. ඒ වගේම සිවිල් සංවිධාන ද ප්‍රමුඛ කාර්යභාරයක් කළ බව අමතක නොකළ යුතුය. ශ්‍රීලනිපයෙන් එම අවස්ථාවේ ඔහුට ලැබුණේ අවම සහයෝගයකි. කෙසේ හෝ ඔහු ජයගත්තේය. එයින් වසර හතරකට පසුව එජාප-මෛත්‍රී දීගයට කණ කොකා හැඬුවේය. දීගය සිදු වූ නොවැම්බරයේදීම දික්කසාදය ද වාර්තා වූවේය. මේ විවාහය වගේම දික්කසාදය ද දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි.
හිටපු අගමැතිවරයා දිගින් දිගටම එල්බ සිටි නව ලිබරල්වාදී චින්තනයත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි විශ්වාසයක් තැබූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයත් නොගැළපෙන ආකාරය විවිධ අවස්ථාවල ඉස්මතු වුණි. යහපාලන ආණ්ඩුවේ ආරම්භයත් සමඟ මෙම ගැටුම ආරම්භ වූවේය. එහි උච්චතම අවස්ථාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙනෙන්නට තිබුණි. ඊට පෙර යම් යම් ගැටුම් ජනපති සහ අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය තුළ තිබුණ ද ඒවා අපේක්ෂා නොකළ ආකාරයට ජනගත වූයේ මේ මැතිවරණයත් සමඟය. එජාප ආණ්ඩුවේ ප්‍රබල පක්ෂයක් නිසාත් ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලැබූ ජයග්‍රහණයත්, ශ්‍රීලනිප දෙකඩ වීම නිසාත් එජාපයට පහසු ජයක් ලැබෙතැයි ඔවුහු විශ්වාස කළහ. ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපයට සෑහෙන ජන වරමක් ලැබෙන බවට ද විශ්වාසයක් තිබුණි. එහෙත් සිදුවූයේ රාජපක්ෂ පාර්ශ්වය විජයග්‍රහණයක් ලැබීමය. මෙය ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ දේශපාලන ජයග්‍රහණයක් වශයෙන් හැඳින්වීමේ වරදක් නැත.
මේ සමඟ එජාපයත් ශ්‍රීලනිප ජනාධිපති පාර්ශ්වයත් බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්නේ මේ අනුවය. විශේෂයෙන්ම එජාප නායකත්වයට පක්ෂයෙනුත්, ආණ්ඩුවෙනුත් දිගින් දිගටම අභියෝග එල්ල වූවේය. පක්ෂයෙන් මෙලෙස අභියෝග එල්ල වූයේ අද ඊයේ නොවේ. වරින් වර මේ අභියෝග එල්ල වූවේය. ආණ්ඩුව තුළත්, එජාප නායකත්වයට විරෝධතා තිබූ බව ජනාධිපතිවරයා පෙරේදා (05) පාර්ලිමේන්තු වටරවුමේදී කළ ප්‍රකාශයෙන් තහවුරු වනු ඇත. පළාත් පාලන මැතිවරණයෙන් පසුව කරු ජයසූරිය මහතා සමඟ, සජිත් ප්‍රේමදාස සමඟ අගමැතිවරයා සම්බන්ධව සාකච්ඡා කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයත්, එජාප නායකත්වයට එරෙහිව වගේම ආණ්ඩුවට ද විවිධ අභියෝග එල්ල කළේය. ඒකාබද්ධ විපක්ෂය හිටපු අගමැතිට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගය එයට ආසන්නම උදාහරණයයි.
දෝෂාභියෝගයේදී රාජපක්ෂ පාර්ශ්වය ජය ගනීවි යැයි බොහෝ දෙනා සිතූහ. එය එතරමටම උණුසුම් වී තිබුණි. මෙහිදී එජාප පාක්ෂිකයෝ තම පක්ෂය සහ ආණ්ඩුව රැක ගැනීමට විශාල කැප කිරීම් කළහ. ඔවුහු පවුලේ අභ්‍යන්තර ගැටුම් අමතක කර පොදු සතුරා වෙනුවෙන් පෙනී සිටියහ. එතැනදී ආණ්ඩුවට උදව් කළ අනෙක් පාර්ශ්ව ද සහයෝගය ලබාදී තිබුණි. එය පක්ෂයේ නායකත්වයට පක්ෂයට දැක් වූ ගෞරවයක්, ළැදිකමක්, පිළිගැනීමකට වඩා ආණ්ඩුව පෙරැළීමෙන් ඇති වන ලජ්ජාව වසා ගැනීමට ඔවුන් පෙනී සිටි බව මාගේ විශ්වාසයයි. මේ සෑම අවස්ථාවකම පාහේ හිටපු අගමැතිවරයා සහ එජාපය වෙනුවෙන් ඍජුව හෝ වක්‍රව ජනාධිපතිවරයා පෙනී සිටීම විශේෂිත ලක්ෂණයකි. දෝෂාභියෝගය අවස්ථාවේදී ද ජනාධිපතිවරයා ක්‍රියා කළේ එජාපයට වාසි වන ආකාරයටය. ඒ සෑම ක්‍රියාවකම දැකීමට ඇති වන්නේ ඔහු බලයට ගෙන ඒමට දැක්වූ සහයෝගයට කෘතගුණ සැලකීමක් හැටියටය.
මේ කවර තත්ත්වයක් යටතේ වුවත් ආණ්ඩුවේ අළු යට ගිනි තිබුණි. එය වරින් වර ඉස්මතු වුණි. එහෙත් මේ දේශපාලන පෙරැළිය වීමට පෙර දිනය දක්වාම ජනාධිපතිවරයා එජාපයට යම් ගෞරවයක් පෙන්නුම් කරන ස්වරූපයක් දක්නට ලැබුණි. ඔහු දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේ රාජපක්ෂ පාර්ශ්වයටය. ඒ ආණ්ඩුව යටතේ දූෂිත යැයි හංවඩු ගැසුණු පුද්ගලයන්ටය. ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයා එජාපය සමඟ ගැටුණේ රාජපක්ෂ පාර්ශ්වයේ වැරැදිවලට දඬුවම් නොකිරීමට එජාපය කටයුතු කළාය යන කාරණය මතය. දඬුවම් දිය යුතු අයට දඬුවම් නොදෙන්නේ එජාපයේ වක්‍රාකාර මැදිහත්වීම හේතුවෙන් බවට වේදිකාවලදී චෝදනා එල්ල කෙරුණි. එසේ නම් මේ ගැටුමට ප්‍රධාන සාධකය වී ඇත්තේ රාජපක්ෂ පාර්ශ්වයේ චූදිතයන්ට දඬුවම් නොකිරීමට එජාපය ගෙන ගියා යැයි කියන වැඩපිළිවෙළය.
සභාග ආණ්ඩුවක් පිළිබඳ මතයක් පසුගිය දිනවල සමාජගත වුණි. ඒ අවස්ථාවේදී පවා ජනාධිපතිවරයා කියා සිටියේ. තමන් බලයේ සිටින තෙක් එවැන්නක් සිදු නොවන බවය. 2020 වන තෙක් ආණ්ඩුව ඉදිරියට යන බවය. කිසිදු ආකාරයක සභාගගතවීමක් හෝ රාජපක්ෂ පාර්ශ්වය සමග දේශපාලන ගනුදෙනුවක් නොකරන බව ද කියා සිටියේය. කෙසේ වුවත් මේ සියල්ල එක් නිමේෂයකින් වෙනස් වුණි. අගමැතිවරයා වශයෙන් ගාල්ලට ගිය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කොළඹට එන තරමට වේගයෙන් මේ ක්‍රියාවලිය සිදුවුණි. හිටපු ජනාධිපතිවරයා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේ රහසේය. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණ​යේදීත් දෝෂාභියෝගයේදීත් මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පරාජය වුණි. එවන් අයකුට රනිල් වික්‍රමසිංහගේ ආදේශකයකු වීමට ඇති සුදුසුකම කුමක් දැයි යම් ආකාරයක දේශපාලන ගැටලුවකි.
මහින්ද රාජපක්ෂ යනු ජන මනස තුළ අභීත නායකයෙකි. ඒ වගේම රට ඔහු හඳුනාගෙන ඇත්තේ සැබෑ සිංහල බෞද්ධයකු වශයෙනි. මේ හරහා මහා දේශපාලන පෞරුෂයක් ඔහු ගොඩනඟාගෙන තිබුණි. මෙවන් පුද්ගලයකු දේශපාලනයේදී පස්ස දොරෙන් අගමැති වීම ගැටලුසහගතය. ඍජුව අභියෝග කර බලය ලබා නොගෙන කෙටි මාර්ගවල ගියේ ඇයි දැයි ප්‍රශ්නයකි.
පසුගිය කාලයේ යහපාලන ආණ්ඩුව තිබුණේ බැරෑරුම් තත්ත්වයකය. ගෙවුණු වසර තුනේ ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු සියල්ල අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කර ගැනීමට හැකි වූයේ නැත. මේ නිසා ඉතා අසාර්ථක ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති සමුදායකට උරුමකම් කියන තත්ත්වයට එජාපය ප්‍රමුඛ යහ පාලනය පත්ව තිබුණි. මේ නිසාම යහපාලනය විශේෂයෙන්ම එජාපය දිනෙන් දිනම ජනතාවගේ විවේචනයට ලක්වුණි. දිනෙන් දින පහළ යන ආණ්ඩුවක් තිබූ පරිසරයක 2019 අය වැය සම්මත කර ගැනීමේ අභියෝගයකට ද ඔවුහු මුහුණ දී සිටියහ. ලැබීමට ඇති මුදල් සහ ගෙවීමට ඇති මුදල් අතර පරතරය ගත් විට විශාල ආර්ථික අර්බුදයකට තල්ලු වී තිබුණි. ඒ වගේම ලෝක ආර්ථික ප්‍රවණතා ඉදිරියේ රුපියල පිරිහීම, ඩොලරය නැඟීම තෙල් මිල ඉහළයාම යනාදී සියලු අාර්ථික කරුණුවලින් එජාපය ප්‍රමුඛ ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල වූ බව ද අමතක නොකළ යුතුය. ඒ පරිසරයේදී 2019 අයවැය පරාජය කිරීමේ විශාල ඉඩක් රාජපක්ෂ පාර්ශ්වයට තිබුණි. ඒ හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ අගමැතිවරයා ඉවත් කිරීමට ඇමැති මණ්ඩලය ඉවත් කිරීමේ හැකියාව රාජපක්ෂ පාර්ශ්වයට තිබූ බව ද පැහැදිලි කරුණකි.
තවත් වසරකින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. එයට එජාපයෙන් ඉදිරිපත් වෙන්නේ කවුදැයි තීරණය කිරීමට නොහැකි තැනකට පත්ව තිබුණි. ඒකාබද්ධ පාර්ශ්වයෙන් නම් ගණනාවක් ඉදිරියට ආවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අනෙක් දේශපාලන පක්ෂවලට සාපේක්ෂව ඒකාබද්ධය ගව් ගණනක් ඉදිරියෙන් සිටියේය. එනිසා ඔවුන්ට ඉතා ඉහළ ජනවරමක් ඉදිරි ජනාධිපතිවරණයෙන් ලබා ගැනීමේ හැකියාවක් ඔවුන්ට තිබුණි. දේශපාලන පෙරැළිය වූයේ එවන් පරිසරයකය.
මෙතැනදී මතුවන ගැටලු දෙකකි. වාසිසහගත​ දේශපාලන පරිසරයක මහින්ද රාජපක්ෂ පස්ස දොරින් අගමැති වූයේ ඇයි දැයි ඉන් එක් ප්‍රශ්නයකි. අගමැති වීමෙන් පසු බහුතරය පෙන්වා ගැනීමට චෝදනා ලැබූ මන්ත්‍රීවරුන්ට පවා දොළපිදේනි දීමට කටයුතු කරන්නේ ඇයි දැයි මෙහිදී මතු වන තවත් කරුණකි. ඒ වගේම තමන්ගේ සතුරාගේ සතුරා තමන්ගේ හොඳම මිතුරා විය යුතු බව දේශපාලනයේ සිද්ධාන්තයකි. සමීපවම සිටි එජාපය සහ ජනාධිපතිවරයා අතරට මේ සංකල්පය පැමිණියේ කෙසේ දැයි දෙවැනි ප්‍රශ්නයයි. නැතිනම් ජනාධිපතිවරයා මෙවන් තීරණයක් ගත්තේ ඇයි?
මේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු සෙවීම වඩා වැදගත්ය. යමකු ලිඳකට දැමූ පසු දඟලමින් ඔහු එයින් ගොඩට පැමිණි පසු ළිඳ බොර කළ බවට ඔහුට චෝදනා කරන්නේ නම් එය වැරැදිය. එදා ජවිපෙ ද මේ ආකර්ෂණීය වචන භාවිත කළේය. ගොඩට පැමිණි ක්‍රමය ගැන කතා නොකර ළිඳ බොර කිරීම ගැන පමණක් චෝදනා කිරීම වැරැදිය. ජනාධිපතිවරයා කියන ආකාරයට ජනාධිපතිවරයා ළිඳට වැටෙන්නේ 2015දීය. 2018දී ළිඳෙන් ගොඩ ඒමට ඔහු උත්සාහ ගන්නේය. ඒ අනුව දැන් ළිඳේ වතුර බොර වෙලාය. ඒ නිසා සොයා බැලිය යුත්තේ ළිඳේ වතුර බොරවීමට හේතුවය.
එජාපයේ වැරැදි දේශපාලන පිළිවෙත් සහ එහි එක්තරා දේශපාලන කල්ලියක දේශපාලන අවභාවිතය පසුගිය කාලය පුරාවටම ඉදිරියට පැමිණ තිබුණි. ජනතාව අපේක්ෂා නොකළ දේශපාලන න්‍යාය පත්‍ර මේ අය තමන්ගේ වාසියට යොදා ගත් බව රහසක් නොවේ. මේ කල්ලිය සම්බන්ධව එජාප මැති ඇමැතිවරුන්ට පවා විවේචනයක් තිබුණි. ඒ වගේම මහ පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධ චෝදනා එජාපය දෙසට එල්ල වුණි. මහ බැංකු වංචාවේ සිට අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය දක්වා එය දිව ගියේය. දූෂණය වැළැක්වීමට පැමිණි අය වැඩියෙන් දූෂණයේ යෙදුණු තත්ත්වයක් පෙනෙන්නට තිබුණි. මේ නිසා දෙපාර්ශ්වය අතර මත ගැටුම් තිබුණා විය හැකිය. 2001-2003 කාලයේදී ද චන්ද්‍රිකා ජනාධිපතිනිය සමඟ එජාපයට අරගලයක් තිබුණි. ඒ අරගලය හේතුවෙන් එදා එජාප ආණ්ඩුව වසර දෙකකට සීමා වුණි. මෙවර වසර තුනකින් එජාප ආණ්ඩුව නිම වුණි. වැරැද්දේ බහුතර වගකීම අනිවාර්යයෙන්ම එජාපයට පැවරෙන බව මේ අවස්ථා දෙකෙන්ම පැහැදිලි වන්නකි. පසුගිය කාලය පුරාවටම එජාපය දෙස බලන විට නායකත්වයට එරෙහිව චෝදනා රැසකි.
ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් එජාපයට තිබුණි. එහෙත් 2015න් පසුව එම ප්‍රතිපත්ති ප්‍රායෝගික සැලසුමක තිබුණේ නැත. ඒ වගේම ක්‍රියාත්මක කළ සුළු කටයුතු පවා නිවැරැදිව කර ගැනීමේ නොහැකියාවක් පෙන්නුම් කළේය. ඇමැති මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ සම්මුතිවලට පටහැනි තීන්දු තීරණ ගත්තේය. අවසානයේ මුරණ්ඩු තීරණ ගන්නා තැනට යොමු වී ජනාධිපතිවරයාට එරෙහිව පෙළගැසුණේය. මේ පසුබිමේ ජනාධිපතිවරයා හුදකලා වීමක් දැක ගත හැකිය. ශ්‍රීලනිප ආණ්ඩු පාර්ශ්වයේ සිටි අය පවා රාජපක්ෂ පාර්ශ්වයට එක්වූහ. ඉතිරි වූයේ ටික දෙනෙකි. මේ නිසා පසුගිය දේශපාලන මතවාද සමඟ ගැළපෙන ශ්‍රීලනිප ආරක්ෂා වන දේශපාලන විකල්පයට ජනාධිපතිවරයා යොමුව සිටී. මේ නිසා ජනාධිපතිවරයාට නොයෙක් චෝදනා එල්ල වුණි. මේ තත්ත්වයට ජනාධිපතිවරයා පත් කිරීමට වැඩියෙන් දායක වූයේ කවුදැයි සිතා බැලිය යුතුය.
පොදුවේ ගත් විට ජනාධිපතිවරයා මේ ගමන යා යුතුව තිබුණේ වඩා විචක්ෂණශීලීවය. ශ්‍රීලනිපයේ තමන් සමග සිටි වඩා පරිණත ජ්‍යෙෂ්ඨයකු මෙයට තෝරා ගැනීමට තිබුණි. එසේ නොමැතිව කළ තේරීම ගැන යම් විරෝධයක් තිබේ. තිබෙන වැරැද්ද එයයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදීව සහ විනිවිදභාවයකින් මේ දේශපාලන පරිවර්තනය කිරීමට තිබූ අවස්ථාව යොදාගත්තේ නැත. පරිවර්තනය නරක බව එයින් මා අදහස් කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයට රටේ යහ පැවැත්මට මේ හරහා වූ අහිතකර බලපෑම මෙතැන තිබෙන ප්‍රශ්නයකි. ඒ වගේම මෙය වැරැදි පූර්වාදර්ශයකි.
අද මන්ත්‍රීවරු කෝටි ගණන්වලට විකිණෙති. පාර්ලිමේන්තුව කල්දාලාය. ඇතැම් අමාත්‍යාංශවලට ඇමැතිවරු ලේකම්වරු නැත. ඒවා අඩාල වෙලාය. පිටරට රාජ්‍ය සහ තානාපති කාර්යාල ලංකාවේ දේශපාලනයට ඍජුව මැදිහත් වෙලාය. මේ සියල්ල ඉදිරියේ රටේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙමින් තිබේ. මේ පරිවර්තනයේ පළමු දින හතරේදී පමණක් මෙරටින් විදේශවලට ගලා ගිය විදේශ විනිමය ඩොලර් බිලියන 4කි. එහෙත් මුල් මාස නවයටම එසේ ගොස් තිබුණේ ඩොලර් බිලියන 6.1කි. මේ ආර්ථික කඩා වැටීම දිගුකාලීනව මේ රටේ සෑම පුරවැසියකුටම දැනෙනු ඇත. රට කරවන පාට ජනතාවට වැදගත් නැත. එනිසා අවශ්‍ය වන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවා ප්‍රජාතන්ත්‍රවාදී තීරණයකට එළැඹීමය. ජනමතයට ගරු කරන දේශපාලනයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමය. ජනතාව ලබාදී ඇති වරමට අනුව අදාළ ඉලක්කවලට රට ගෙනයාමය. කුමන දේශපාලන පරිවර්තනයක්වත් සාමාන්‍ය ජනයාගේ බඩට දැනෙන්නේ නැත. ජනතාවගේ බඩට දැනෙන්නේ ආර්ථිකය කඩා වැටුණොත්ය. එනිසා ආර්ථිකය රැක ගැනීමට පවත්නා දේශපාලනික අස්ථාවරභාවය ඉතා ඉක්මනින් විසඳීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුය.