ට්‍රම්ප් පාලනයට එරෙහිව ඇමෙරිකානු ජනතාවගෙන් රතු එළියක්


ඇමෙරිකානු පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය දිනාගැනීමට ඩිමොක්‍රොටික් පක්ෂය සමත්ව ඇති අතර මෙතෙක් පහළ මන්ත්‍රණ සභාවේ පාලනය පැවැතියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂයටය.

මේ හේතුවෙන් ඩිමොක්‍රොටික් පක්ෂය ලද ජයග්‍රහණය ට්‍රම්ප් පාලනයට එරෙහිව ඇමෙරිකානු ජනතාව දැල්වූ රතු එළියක් බව විදෙස් දේශපාලන විචාරකයන් පවසයි.

සෙනෙට් සභාවේ පාලනය නැවතත් දිනා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත් වූ අතර ඉන්ඩියානා, ටෙක්සාස් සහ උතුරු ඩැකෝටා යන ප්‍රාන්තවල බලය රිපබ්ලිකන් පක්ෂය සතුවීම හේතුවෙන් සෙනෙට් සභාවේ ජය ඔවුන්ට හිමිවූ බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.