කැමරූන් රාජ්‍යයේ දරුවන් 79දෙනකු පැහැරගෙන යයි


කැමරූන් රාජ්‍යයේ වයඹ දිග බමෙන්ඩා ප්‍රදේශයේ පාසලක නේවාසිකාගාරයකින් දරුවන් 79දෙනකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මේ අතර පැහැරගෛන ගිය අය අතර පාසලේ විදුහල්පතිවරයා ද සිටින බව කැමරූන් බලධාරීහු පවසති. මේ වන විට මොවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව කැමරූන් හමුදාව විදෙස් මාධ්‍ය වෙත පවසයි.

මෙමපැහැරගෙන ගිය දරුවන් 79 දෙනා වයස අවුරුදු 10ත් 14ත් අතර වයසේ පසුවන පිරිමි දරුවන් බවද ඔවුන් පවසයි.

දැනට මොවුන් කුඩා කාමරයක සිරකරගෙන සිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරනය වන බව පොලිසිය වාර්තා කර ඇත.
බමෙන්ඩා ප්‍රදේශයේ ආණ්ඩුකාර ඇඩොල්ෆ් ලිලී පවසන්නේ කැමරූන්හි ක්‍රියාත්මක කැරළි කණ්ඩායම් මෙම පැහැරගෙන යෑම පසුපස සිටින බවයි.