නිලූක කරුණාරත්න, බුවනෙක ගුණතිලකට පරදියි


66 වැනි ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, බුවනෙක ගුණතිලක හමුවේ වට 2-1 ක් ලෙස පරාජයට පත් වීම විශේෂත්වයකි. මේ අනුව නිලූක කරුණාරත්නට වසර 16 කට පසුව ජාතික බැඩ්මින්මින්ටන් ශූරතාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම ඉවත් වීම කාගේත් කතාබහට ලක් වූ කරුණකි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 66 වැනි ජාතික බැඩ්මින්ටන් තරගාවලිය මේ දිනවල රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි හෙට (2 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගයකදී නිලූකගේ සොහොයුරු දිනූක කරුණාරත්නට එරෙහිව බුවනෙක තරග බිමට පිවිසීමට නියමිතව තිබිණ.

ඊයේ නිලුක සමඟ පවතී තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගත අතර අනතුරුව නිලූකට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු වටය ලකුණු 24-22 ක් ලෙස ජයගැනීමට බුවනෙක සමත් විය. සිය අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගනිමින් දෙවැනි වටය ලකුණු 21-17 ක් ලෙස ජයගත් නිලූක 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත් කළේය.

යලි තෙවැනි වටය ලකුණු 18-12 ක් ලෙස පෙරමුණ ගැනීමට බුවනෙක සමත්ව සිටියදී, නිලූක තරගයෙන් ඉවත්වීම නිසා බුවනෙකට ඉන් වට 2-1 ක ජයක් හිමිවිය.