පන්දුවක් හිසට වැදි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් රෝහලට

ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිශ්ෂංකගේ හිසට පන්දුවක් වැදීම හේතුවෙන් එංගලන්ත සහ ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩාම අතර පැවති දෙදින පුහුණු වීම් තරගය අත්හිටුවා ඇත.
මෙම අවස්ථාවේදි එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිය ඇති අතර පන්දු රකින්නන් ලෙස ක්‍රිඩා කර ඇත්තේ ශ්‍රි ලංකා කණ්ඩායමයි.
පිතිකරුට ආසන්නයේ පන්දු රකින්නෙකු ලෙස පැතුම් නිශ්ෂංක මෙම අවස්ථාවේදි ක්‍රීඩා කරමින් සිට ඇති අතර එංගලන්ත කණ්ඩායමේ ජොස් බට්ලර් පන්දුවට පහර දෙමින් සිට ඇත.
එම අවස්ථාවෙිදි පන්දුව යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක නිශාන්ත පිරීස්ය.
පන්දුව වැදිමත් සමඟ පැතුම් නිශ්ෂංක බිම ඇද වැටි ඇති බවත් ඔහු විනාඩි 20ක් පමණ නොසෙල් වී සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අවස්ථාවේදි එංගලන්ත කණ්ඩායමේ වෛද්‍යවරයා ප්‍රථමාධා ප්‍රථිකාර සිදු කර ඇති අතර හැකි ඉක්මනින් පැතුම් නිශ්ෂංකව රෝහල් ගත කර ඇත.
 

ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු වන හිටපු ක්‍රිකට් ක්‍රිඩක අවිෂ්ක ගුණවර්ධන පැවසා ඇත්තේ මෙම වන විට පැතුම් නිශ්ෂංකගේ තත්ත්වය හොඳ බවත් ලේ ගැලිමක්  සිදු වී ඇතිද යන්න පිලිබඳව සොයා බැලිම සඳහා අවශ්‍ය ප්‍රථිකාර සිදු කරණ බවත්.