එක්දින තරඟාවලිය එංගලන්තය ජය ගනියි


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිවුවැනි එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති අතර එහිදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් අක්තර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.මේ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට එංගලන්තයට හැකි වී ඇත්තේ තවත් තරගයක් ඉතිරිව තිබියදීමය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය.දසුන් ශානක, පන්දු 66 කදී ලකුණු 66 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමඟය,නිරෝෂන් දික්වැල්ල ලකුණු 52,තිසර පෙරේරා (44) සහ අකිල ධනංජය (නොදැවී 32),දිනේෂ් චන්දිමාල් 33.
ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 27 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ඒ වන විට අවශ්‍ය වී තිබුණේ ලකුණු 115 ක් පමණි. ලකුණු සම ඉලක්කය 114 ක් විය.

මේ අනුව තරගය නතර කරන විට ජෝ රූට් ලකුණු 32 ක්ද, නායක ඔයින් මෝගන් නොදැවී ලකුණු 31 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.